Posts

11 උඩ APK දාමු ! Windows Subsystem for Android

Image
 Windows 11 එන්න  කලින් ඉදන්ම ලොකු කතාවක් ගියා Android Apps run කරන්න පුළුවන් කියල, එකියන්නේ ඉස්සර Bluestacks වගේ android emulator දාගෙන ram එක පුරවාගෙන කරපුව දැන් ලේසියෙන් , fast කරගන්න පුළුවන් වෙනවා, නමුත් launch එකේදී නම් ඒක complete කරලා තිබුනේ නැති නිසා පස්සේ දෙන්නම් කියලා තමා කිව්වේ. තවමත් මේ feature එක under development තියෙන්නේ.  https://docs.microsoft.com/en-us/windows/android/wsa/  < මේකේ කියන විදියට අපිට Insider version තියනවා නම් ලේසියෙන්ම Microsoft Store එකෙන් WSA App එක හෝ   Amazon Appstore එක install කරලා open කරාම background එකෙන් 1.5GB විතර download එකකින් android VM එක install වෙනවා . (PC එකේ Virtualization Enable වෙලා තියෙන්න ඕනේ ) ඊටපස්සේ search එකේ windows subsystem for android කියන app එක open කරලා මේකට එන්න පුළුවන්. නමුත් මේකට වෙනම Insider version දාගන්න ඕනේ නැ . අලුත්ම 11 stable එක තිබුනත් ඇති. ඒක කරන්නේ මෙහෙමයි , ඉස්සෙල්ල  Task Manager එකේ Performance එකට ගිහින් CPU එකේ බලන්න දකුණු පැත්තේ පහල  Virtualization Enabled ද...

FB 15 එකක රේඩියේටර් එක මාරු කරමු ....

Image
පරණ (1985-90ට  වගේ කලින්) වාහනවල cooling system එක හරිම සරල සහ ගොඩක් reliable විදියට ඩිසයින් කරපු දෙයක්. ඒවා run වෙනකොට යන උපරිම pressure එකත් psi 5-8 වගේ අගයක් ගන්නේ.ඒ වගේම විශේෂයෙන්ම ඒවගේ භාවිතා වෙන radiator එක තනිකරම ලෝහ වලින් තමා හදල තියෙන්නේ. තඹ / පිත්තල වගේ ලෝහයකින් . ඒ නිසා ඒවා කාලාන්තරයක් පාවිච්චි කරන්න පුළුවන් . ගොඩක් වාහන තාමත් original radiator එකෙන් දුවනවා කිසි ප්‍රශ්නයක් නැතුව.... අනික ඒවගේ පොඩි leak එකක් ආවොත් පාස්සල හදාගන්න පුළුවන්. නමුත් ගොඩක් කාලෙක ඉදන් වාහන වල එන්නේ plastic ටැංකි දෙකක් උඩින් උයි යටින් උයි ගහපු , ඇලුමිනියම් core එකක් ගහපු radiators .අනික pressure එකත් psi 10න් උඩ මොකද pressure එක වැඩි කරලා රේඩියේටර් එකේ core එකේ size එක අඩු කරන්න පුළුවන්. ඉතින් උදේ හවා heat cycle ගණනාවක් එක්ක මේ plastic ටැංකි වල crack එන්න පුළුවන් ඒ නිසා හෙමිට leak වෙන්නත් , පොඩි crack එක එකපාරට ලොකු වෙලා coolant ඔක්කොම එකවර අයින් වෙලා ලොකු case එකක් වෙන්නත් ඉඩ තියනවා. මේ වාහනයේ රේඩියෙටරයේ උඩ ප්ලාස්ටික් ටැංකිය සහ ඇලුමිනියම් ටැංකිය crimp වෙලා තියන තැනින් පොඩි ලීක් එකක් ආවා. මාසයක් ...

Daihatsu Charmant 1982 Re-Wiring

Image
කාර් එකක් මුලම ඉදල වයරින් කරපු හැටි ගැන තමා අද බ්ලොග් පෝස්ට් එක 😀 මේක Daihatsu Charmant එකක් . නිෂ්පාදිත වර්ෂය 1982. Brand New මෙහෙට ගෙනල්ල Register කරපු එකක් . Daihatsu කියන්නේ ටොයෝටා සමාගමටම අයත් සමාගමක් . එනිසා මේකේ තියෙන්නේ කව්රුත් දන්නා Toyota 4K 1.3 ලීටර් කාබරේටඩ් එන්ජිම සහ forward gear 4 ක් තියන මැනුවල් transmission එකක් .එන්ජිමයි ගියර් බොක්ස් එකයි ඉතා හොද තත්වයේ තිබුනත් fuse box , relay box සහ wiring harness එකේ ගොඩක් වයර් සහ connector වතුර ගිහින් මලකඩ කාලා තමයි තිබුනේ. Dashboard එකේ තියන ප්‍රධාන මීටර් ටික හැරුනම ඉතිරි indicators වැඩ කරන්නේ නැතුව තිබුනේ . එනිසා project එකක් විදියට මේකේ වයරින් එක සම්පුර්ණයෙන්ම මුල ඉදන් කරන්න හිතුවා . මේ වැඩේට automotive grade කැළණි වයර් මීටර 90ක් විතර ගියා . Fuse 4ක් තියන box දෙකක් සහ connectors, relays ගත්තේ internet එකෙන් . වයර් ගැන කතා කරොත් , කැළණි 28/0.30 (2 square mm)  වයර් තමා සම්පුර්ණයෙන්ම පාවිච්චි කලේ . එක වයර් එක්ක යන උපරිම ධාරාව 8A විදියට සලකලා තමයි circuit ටික design කලේ. මේ design එකට තමයි ගොඩක් කාලය ගත උනේ , සති දෙකක් වගේ ගිය...