කාර් එකක් මුලම ඉදල වයරින් කරපු හැටි ගැන තමා අද බ්ලොග් පෝස්ට් එක 😀
මේක Daihatsu Charmant එකක් . නිෂ්පාදිත වර්ෂය 1982. Brand New මෙහෙට ගෙනල්ල Register කරපු එකක් . Daihatsu කියන්නේ ටොයෝටා සමාගමටම අයත් සමාගමක් . එනිසා මේකේ තියෙන්නේ කව්රුත් දන්නා Toyota 4K 1.3 ලීටර් කාබරේටඩ් එන්ජිම සහ forward gear 4 ක් තියන මැනුවල් transmission එකක් .එන්ජිමයි ගියර් බොක්ස් එකයි ඉතා හොද තත්වයේ තිබුනත් fuse box , relay box සහ wiring harness එකේ ගොඩක් වයර් සහ connector වතුර ගිහින් මලකඩ කාලා තමයි තිබුනේ. Dashboard එකේ තියන ප්‍රධාන මීටර් ටික හැරුනම ඉතිරි indicators වැඩ කරන්නේ නැතුව තිබුනේ . එනිසා project එකක් විදියට මේකේ වයරින් එක සම්පුර්ණයෙන්ම මුල ඉදන් කරන්න හිතුවා .
මේ වැඩේට automotive grade කැළණි වයර් මීටර 90ක් විතර ගියා . Fuse 4ක් තියන box දෙකක් සහ connectors, relays ගත්තේ internet එකෙන් .
වයර් ගැන කතා කරොත් , කැළණි 28/0.30 (2 square mm) වයර් තමා සම්පුර්ණයෙන්ම පාවිච්චි කලේ . එක වයර් එක්ක යන උපරිම ධාරාව 8A විදියට සලකලා තමයි circuit ටික design කලේ. මේ design එකට තමයි ගොඩක් කාලය ගත උනේ , සති දෙකක් වගේ ගියා . තිබුන හනස්ස corolla ke 72 එකට බොහෝ සෙයින් සමාන උනත් පොඩි වෙනස්කම් තිබුණා, මේ මොඩල් එකේ හරිම වයරින් diagram එක internet එකෙන් හොයා ගන්න බැරි උනා.
මෙතැනිදී තමා අලුතෙන් add කරන features උත් design එකට එකතු කරන්නේ . මේක තමා අමාරුම කොටස . අඩු වයර් දුරක් ගැන හිතනවට වඩා wire වලට අනවශ්‍ය load එකක් දෙන් නැතුව වැඩකරන layout එකක් හදාගන්න ඕනේ .
මීටර් පැනල් ,relay box ,fuse box ගලවල multimeter එකෙන් wire වල අග මුල හොයා හොයා ගිහින් කොහොම හරි හෙමින් හෙමින් සම්පුර්ණ වාහනේම කොලේකට ගත්තා :)
ඔය උඩ තියෙන්නේ final එක , Computer එකේ අදිනවට වඩා ඉක්මනට අතින් අදින්න පුළුවන් නිසා කොලෙකට ගත්ත උනත් පස්සේ හිතුනා වෙනස් කම් ගොඩක් කරන්න උන නිසා මුලින්ම Computer එකෙන් ඇන්ද නම් හොඳයි කියල :P
පහළ තියෙන්නේ එක එක කොටස වෙන වෙනම ඇදපු ටික . steering column ,meter board etc.
මේ පහල තියෙන්නේ සිග්නල් ලයිට්ස් වලට හදපු flasher circuit එක . ඒක NE 555 timer IC එකකින් හැදුවේ . තිබුණ එක වතුරෙන් damage වෙලා තිබුනේ .
SAE J590b standards වල කියල තියන විදියට පාරේ දුවන වාහන වල signal lights blink වෙන rate එක මිනිත්තුවට 90ක් කියල තියනවා. ඒ කියන්නේ තප්පරයට 1.5 වතාවක්. ඔය උඩ තියන circuit එකෙන් කරන්නේ signal relay එක ඒ rate එකට on /off කරන එක.
උඩ රුපයේ තියන diagram එක පොඩ්ඩක් වෙනස් කරන්න උනා , ඒ මොකද කිව්වොත් මේ circuit එක සාමාන්‍ය 12v power supply එකකින් හරි විදියට වැඩ කරත් වාහනේට හයි කරලා start එකේ තියෙද්දී සිග්නල් දාද්දි මේ timer IC එක පොඩ්ඩක් පිස්සු කෙලින්න පටන් ගත්ත. Ignition Coil එකෙනුයි Alternator එකෙනුයි එන පොඩි voltage spikes , leak වෙන AC current frequency නිසා තමා එහෙම වෙලා තියෙන්නේ . ඒකට පිලියමක් විදියට IC එකේ power + /- පින් වලට ලොකු 50V 4700uf capacitor එකක් සවි කරා . 7812 Regulator එකත් අයින් කරා මේ IC එක 18V වෙනකන් වැඩකරන නිසා .
පහල තියෙන්නේ flasher එකේ කරපු prototype එකක්
මේ site එකෙන් NE 555 timer එකේ frequency එක calculate කරගන්න පුළුවන් .
ඉස්සරහ සහ පිටිපස්සේ lights වලට අදාල circuit තමා මේ පහල තියෙන්නේ
ඊට පස්සේ Meter Panel එකේ clock එක සහ අනික් lights repair කරා . Panel එක පිටිපස්සේ තියන flexible trace sheet එක තැනින් තැන damage වෙලා නිසා ඒවාට wire දැම්මා. Bulb කිහිපයකුත් අලුතෙන් දැම්මා .
Fuel සහ Temperature meter වල wiring එක කොහොමද වෙන්නේ කියල මෙතැනදී බලාගෙන ඒ circuit එකත් හැදුවා .
මේ වාහනයේ Indicator lights ground signal මත ක්‍රියාත්මක වෙන නිසා සහ ඔක්කොම sensors ඉතා සරල ප්‍රතිරෝධය පාදක (resistance based) නිසා wiring එක design කරන එක ලේසි උනා .
අලුත් EFI ECU එක්ක ආපු වාහන , Body Control Computer තියන වාහන වල නම් මේ වගේ wiring එක අපිට ගෙදරදී හදන්න බෑ.අලුත් වාහන වල wiring diagram එලියට නොදෙන නිසා ඒ වැඩේ හරිම අමාරුයි . දානවනම් ඔක්කොම වෙන එකකින් ගලවල වගේ දාන්න වෙනවා.
නමුත් අලුත් වාහනයක් උනත් සම්පුර්ණ track use එකට වගේ modify කරනවා නම් ගොඩක් අය අත්‍යවශ්‍ය උපාංග ටික වැඩ කරන විදියට තමන්ගේම wiring එකක් හදාගන්නවා .
අවුරුදු 38ක් උනත් තවම clock එකේ සියලු කොටස් නියමෙටම වැඩකරනවා . අවුල තිබුනේ wiring එකේ .
ඊටපස්සේ මුළු dashboard එකම එලියට ගත්තා .
වාහනේ එහෙට මෙහෙට කරගන්න ඕනේ නිසා main switch එකෙන් තාවකාලිකව ignition coil එකට alternator එකට starter එකට සහ carb එකේ valve එකට relays හරහා power දුන්නා. ඔය ටිකට power ලැබුනම එන්ජිම වැඩ :D
ඊට පස්සේ dashboard wiring harness එක connectors දාල කරන්න තව සතියක් වගේ ගියා .
ප්‍රධානව engine bay එකට connectors තුනක් යනවා , වම් පැත්තේ එකේ තමා lights ,horn ,main power ,alternator sense wire, wiper, washer සහ අනෙකුත් ටික යන්නේ . ඒ ටික තමා පහල තියෙන්නේ .(කොළෙ බලාගෙන wire connection හදද්දී එහෙට මෙහෙට වෙලා පොඩි උන නිසා තමා නරක් වෙලා තියෙන්නේ)
දකුණු පැත්තේ එන්ජිම දුවන්න අත්‍යවශ්‍ය wire ටික යනවා .
එකේ diagram එක මගේ ලග නැති නිසා paint එකෙන් වගේ ඇදල තමා දාන්න වෙන්නේ :D
ඒ connector එකේම තමා brake oil අඩු උනාම indicate කරන එක සහ oil pressure සහ coolant temperature sensor වයර් එක තියෙන්නේ .
ඔය උඩ රූපේ විදියට ignition coil එකට Ballast resistor එකක් තියෙන්නේ coil එකට ඉහල RPM වලදී ලොකු ධාරාවක් ගිහින් රත්වෙලා පිච්චෙන්න chance එකක් තියන නිසා. ඒ resistor එක 1 ohm එකක් . සාමාන්‍ය idle එකේදී ignition එක සදහා ඇම්පියර් 2.5ක් විතර ගන්නවා , එතකොට resistor එක හරහා 2.5V drop වෙලා coil එකට යන්නේ (14.4-2.5)=11.9V වගේ අගයක් .
Start කරනකොට ඒ රෙසිස්ටර් එක bypass වෙලා සම්පුර්ණ battery voltage එකම coil එකට යනවා, ඒකට හේතුව starter එක ක්‍රියාත්මක වෙද්දී කොහොමත් battery කණු දෙක අතර වෝල්ටීයතාව 11V විතර වෙන නිසා . ඒ වෙලාවේදීත් resistor එක හරහා ගියොත් spark plug වල spark එක අඩු වෙන්න පුළුවන් , එතකොට එකපාරින් ස්ටාර්ට් වෙන්නෑ .
මම ebay එකෙන් ගත්තා RPM meter එකක් .
එකේ sense වයර් එක සෙට් කරන්නේ contact points වල ඉදල coil එකට එන ground signal එකට .
මිට අමතරව alternator එකේ sense wire එකත් නිසි තැනට සවි වෙන්න ඕනේ .
මේකේ එන්නේ අලුත් විදියේ built in regulator ඔල්ටනේටරයක් , 1982 විදියට අලුත් .
එකේ voltage sense වයර් එක සෙට් වෙන්න ඕනේ බැටරි කනුව ලගටමයි. මේකේ තිබුනේ ඒ වයර් එක alternator එකේ power in එකටම පොඩි වයර් කෑල්ලකින් ගහල. ගොඩක් garage වලින් ඒක අහු වෙන තැනකට ගහනව වැඩ කරන නිසා , නමුත් ඒ sense වයර් එක තියෙන්නේ බැටරියේ ඇත්ත voltage එක බලාගන්න .වයර් වල අභ්‍යන්තර ප්‍රතිරෝධය නිසා බැටෙරියේ + කනුව ලග ඉදල ටිකක් දුර යනකොට voltage එක drop වෙනවා . ඒ නිසා මේ sense වයර් එක වෙනම අරන් ගිහින් බැටරි + post එක ලගට සවි කරන්න ඕනේ .
alternator එකට +12v power in එක ලැබෙන්න ඕනේ main switch එක හරහායි . ඒක direct සෙට් කරොත් අනවශ්‍ය විදියට බැටරිය බහින්න පුළුවන් .
මිට අමතරව dash එකේ (හෝ අලුත් වාහනවල ECU එකට) charging fault indicator එකට යන වයර් එකක් alternator එකේ තියනවා නම් ඒකත් නිසි ආකාරයට සවි වෙන්න ඕන .
මේ ටික හරි නම් ඔක්කොම light , blower අනම් මනම් දැම්මට පස්සේ බැටරිය ලග voltage එක 13.5-14.5 V අතර අගයක් ගන්නවා නම් charging system එක හරි .
කොහොම හරි starting , charging පැත්ත හරි කියල confirm උනාට පස්සේ සියලුම lights සහ wiper වගේ දේවල් වලට යන relay ටික box එකකට දාල wiring එක හෙමිට ඉවර කරා .
ඔක්කොම lable කරගන්න එකෙන් ගොඩක් කාලේ ඉතුරු වෙනවා ....
මේ තියෙන්නේ weatherproof connectors වලින් එකක්
ඔක්කොම පිළිවෙලක් කරාට පස්සේ ..... insulation tape වලින් ඔතලා original look එකක් ගන්න පුළුවන් . මියෝ කන් නැති වෙන්න flexible plastic hose වලින් ඔතන්නත් පුළුවන් අවශ්‍යනම් .
වයරින් එක සම්පුර්ණ කරාට පස්සේ oil and filter change එකක් කරා.
Spark Plug 4ක් දැම්මා.
Air Filter එකකුත් දාල අසාවටත් එක්ක carburetor overhaul kit එකකුත් අරගෙන දැම්මා 😁
මේ කිට් එකම රුපියල් 1800යි .Carb Cleaner එකට 700 යි .
මේකේ gasket එක හරියටම හරි ගියේ නැති උනත් හරියට කපල හොදටම seal වෙන විදියට දාගත්තා.
jet size එක තිබ්බ එකට වඩා ලොකුයි(jet එකෙන් තමා එන්ජිමට යන petrol ප්‍රමාණය තීරණය වෙන්නේ ) , එකට කම්බි දාල දුවල බලල මට ඕනේ ගානට tune එක හදාගත්තා .දැන් හිනි කම්බි 4ක් දාල තියෙන්නේ , ලොකුවට pickup නැති උනත් 5ක් දාල කදුත් නැග්ග 😆.
පෙට්‍රල් 12-14 වගේ වැඩ.
කම්බි නැතුව නම් යකා වගේ යනවා නමුත් ලිටරේට 8ක් තමා . එහෙම යන එක catalytic converter එකට හොද නැ මොකද නොදැවුණු petrol ගොඩක් exhaust එකට යන නිසා .
එක වෙනස් කරන්න පුළුවන් timing වෙනස් කරලා නමුත් මට timing light එකක් නැති නිසා තාම ඒක බැලුවේ නැ .
මේකේ original sticker එකේ හැටියට ignition timing තියෙන්නේ 8° BTC කියල.
ඒ කියන්නේ මේකේ පලවෙනි cylinder එක Top Dead Center එකට එන්න අංශක 8 කට කලින් (crankshaft angle) තමා ස්පාර්ක් එක ඕනේ.
ඒ නිසා crank pully මාර්ක් එක 8° ට ගෙනල්ල distributer එකේ nut එක බුරුල් කරලා කරකවල බලල ස්පාර්ක් සද්දේ ඇහෙන තැන හොයාගෙන එහෙම්ම තියල තද කරන්න ඕනේ . idle එක අවුල් වගේ නම් එතන තියන advance/retard adjuster එකෙන් fine tune කරගන්න ඕනේ.
ඊට පස්සේ airjet එක සම්පුර්ණයෙන් තද කරලා වට දෙකක් වගේ බුරුල් කරලා ස්ටාර්ට් කරලා idle එක smooth වෙනකන් එක තද හෝ බුරුල් කරන්න ඕනේ.
මේ ඔක්කොම හරි නම් සිතල වෙලාවක ස්ටාර්ට් කරාම silencer එකෙන් වතුර පොඩ්ඩක් එන්න ඕනේ . එහෙම වතුර එනවා කියන්නේ petrol /air mixture එක හරියටම හරි කියන එක.(fuel economy එකත් හරි මට්ටමේ තියෙන්න ඕනේ , වතුර එන level එකේ හැම tune එකක්ම උපරිම ඉන්ධන කාර්යක්ෂමතාවයක් දෙන්නේ නැ .)
ඔක්කොම ඉවරට electrical loads එකින් එක දාලා ටෙස්ට් කරලා බලල පොඩි note එකක් හැදුව පහලින් තියෙන්නේ ඒක .
ඔක්කොම නොර්මල් ! දැන් මාස 6ක් විතර වෙනවා project එක ඉවර කරලා .....මේක ලියල ඉවර කරේ නං තෙවන රැල්ලේ lockdown එකේ ✌
ඊට පස්සේ ඉතින් හරි .....
මේ project එකේ සියලුම diagrams
මෙතනින් බලාගන්න පුළුවන් .
ස්තුතියි