11 උඩ APK දාමු ! Windows Subsystem for Android

 Windows 11 එන්න  කලින් ඉදන්ම ලොකු කතාවක් ගියා Android Apps run කරන්න පුළුවන් කියල, එකියන්නේ ඉස්සර Bluestacks වගේ android emulator දාගෙන ram එක පුරවාගෙන කරපුව දැන් ලේසියෙන් , fast කරගන්න පුළුවන් වෙනවා, නමුත් launch එකේදී නම් ඒක complete කරලා තිබුනේ නැති නිසා පස්සේ දෙන්නම් කියලා තමා කිව්වේ. තවමත් මේ feature එක under development තියෙන්නේ. 

https://docs.microsoft.com/en-us/windows/android/wsa/ < මේකේ කියන විදියට අපිට Insider version තියනවා නම් ලේසියෙන්ම Microsoft Store එකෙන් WSA App එක හෝ  Amazon Appstore එක install කරලා open කරාම background එකෙන් 1.5GB විතර download එකකින් android VM එක install වෙනවා . (PC එකේ Virtualization Enable වෙලා තියෙන්න ඕනේ )

ඊටපස්සේ search එකේ windows subsystem for android කියන app එක open කරලා මේකට එන්න පුළුවන්.


නමුත් මේකට වෙනම Insider version දාගන්න ඕනේ නැ . අලුත්ම 11 stable එක තිබුනත් ඇති.

ඒක කරන්නේ මෙහෙමයි , ඉස්සෙල්ල  Task Manager එකේ Performance එකට ගිහින් CPU එකේ බලන්න දකුණු පැත්තේ පහල  Virtualization Enabled ද කියල 

කලින් කිසිම Virtual Machine එකක් දාල නැත්තන් සමහරවිට ඒක Disable වෙලා ඇත්තේ , ඒක පොඩ්ඩක් google කරලා බලල ඔන් කරගන්න. BIOS එකේ VTx  හෝ  Virtualization  වගේ එක එක විදියට තියනවා එක එක board වල . ඒකට ඔයාගේ motherboard  එකේ model එක ගහල බලන්න enable කරන විදිය එනවා.

ඊටපස්සේ  Apps > Optional  Features > More  Windows Features  ගිහින් Virtual Machine Platform එක tick කරලා restart කරන්න. 

දැන් GB 1.5 ක විතර download එකක් තමා තියෙන්නේ . කලින් කිව්ව විදියට මේ official app එක දෙන්නේ insiders ලටනේ , නමුත් අපිට පුළුවන් පොඩි tool එකකින් ඕනෙම windows store app එකක් .Msixbundle file එකක් විදියට download කරගන්න. 

මම පාවිච්චි කරන්නේ මේක https://store.rg-adguard.net/ මේ හොර version ගන්න එකක් නෙවේ, Microsoft Store එකට නොයා එළියේ ඉදන් එකේ තියන apps , original  M icrosoft servers වලින්ම ගන්න අපිට link එක හොයල දෙන service එකක්.

හරි දැන් ඒ site එකට ගිහින් official WSA  App එකේ ලින්ක් එක දෙන්න 

https://www.microsoft.com/store/productId/9P3395VX91NR

ඊටපස්සේ ඩ්‍රොප් down menu එකේ fast හෝ slow select කරන්න , මේ slow කියන්නේ download  speed එක නෙවේ , update ring priority එක.

ඊටපස්සේ පහලම  තියන

MicrosoftCorporationII.WindowsSubsystemForAndroid_1.8.32828.0_neutral_~_8wekyb3d8bbwe.msixbundle කියන 1.21GB file එක right click > save link as කරලා download කරගන්න. 

එතකොට browser එක කියයි HTTPS connection එකක් නැ කියල , එක allow කරන්න ,කොහොමත් SHA -1 එක check කරලා ඔයාට බලන්න පුළුවන් file එකේ integrity එක .

මතක තියාගන්න මේ ලින්ක් එක  අපිට valid වෙන්නේ පැයක් විතරයි. expire උනාම ආපහු අර උඩ tick එක ඔබල regenerate කරගන්න පුළුවන් .


දැන් මේ app එක install කරගන්න double click කරලා install දෙන්න. 

එහෙම එන්නේ නැත්තන් powershell එකක කරලා (admin නැතුව)  මෙහෙම ගහන්න

Add-AppxPackage -Path "Download කරපු file එකේ path එක"



ඊටපස්සේ search එකේ windows subsystem for android කියන app එක open කරලා මේකට එන්න පුළුවන්. මෙතන subsystem resources කියන එක දැනට Continuous දාන්න , නැත්තන් android එක පොඩ්ඩ ඇත්තන් doze (sleep) වෙනවා.

Developer Mode එකත් on කරන්න.


දැන් මේකෙන් අපිට developer settings වලට සහ file manager එකට යන්න පුළුවන්.



මේ මදිනේ !!  apk දන්නේ කොහොමෙයි ? හරි හරි දැන් ADB enable කරපු android vm එකක් තියෙනවනේ  :P

ඉස්සර කොරියන් samsung phone වල company apps disable කරපු අය දන්නවා usb debugging on කරලා pc එකේ command line එකෙන් phone එකට apps install/uninstall/disable කරන්න ක්‍රමයක් තියනවා කියල  , ඕනෙනං එහෙම apk install කරන්න පුළුවන්  :D 

හැබැයි දැන් තාස්සනේ දියුණු නිසා මේ app එකෙන් ලේසියෙන්ම .apk files double click කරලා install /uninstall  launch කරන්න පුළුවන් . ඒකෙ latest release එක දාගන්න. මේක (install කරද්දී .apk file manage කරන්න කියන tick එක දාන්න) මේ app එකෙන් කරන්නේත් adb command line එකෙන්ම install කරන එක තමා. ටිකක් ලස්සනට සහ ලේසියට වැඩේ කරනවා 


මේකේ උඩ connected කියල වැටෙන් නැත්තන් WSA එකේ යට තියන turn off එක ඔබල අපහු on කරලා බලන්න.  

දැන් අපිට කෙලින්ම APK install කරගන්න පුළුවන්. .apk file මේ විදියට icon එකකින් පෙන්නනවා 



එක click කරාම normal විදියට අර අපි දාපු WSA pacman app එකෙන් එකේ permissions වගේ දේවල් ලස්සනට පෙන්නනවා .



ලේසියෙන්ම desktop shortcut එකකුත් දාගන්න පුළුවන් 


Settings 

AIDA 64


තාම testing 123 නිසා game එහෙම කොහොමද දන්නේ නැ නමුත් webcam, mic ,speakers, basic gpu rendering හොදට වැඩකරනවා . ඉදිරියට මේ post එක  update කරනවා , ප්‍රශ්නයක් තිබ්බොත් comment එකක් දාන්න , පුළුවන් විදියට උත්තර දෙන්නම්.

Android Platform Tools වලින් connect වෙන්න adb connect 127.0.0.1:58526 ගහල පුළුවන්.

Comments

Popular posts from this blog

Climate Control with Arduino Nano for a Peugeot 406 !

Here's how I made an iPhone entirely from replacement parts

Daihatsu Charmant 1982 Re-Wiring