Windows මත සිට Linux රස බලමු ! WSL2

Microsoft සමාගම 2016  දී Windows Subsystem for Linux (WSL) යනුවෙන් feature එකක් Windows 10 මෙහෙයුම් පද්ධතියට ලබා දුන්නා. එකෙන් අපිට Windows මත සිට Linux bash terminal එකක් බාවිත කිරීමට අවස්ථාව ලැබෙනවා .

සරලවම මේකෙන් වෙන්නේ අපිට Windows වල සිටම Linux සදහා ලියන ලද මෘදුකාංග බාවිතා කිරීමට හැකි වීමයි. කෙනෙකුට Linux ඉගෙනගන්න ඔනෙනම් මේක ඉතා ප්‍රයෝජනවත් ක්‍රමයක් . Windows සමග dualboot හෝ VM එකක් මත Linux Distro එකක් දිවීම වෙනුවට මෙමගින් ඉතා පහසුවෙන් සහ පරිගණකයේ තියන Performance සහ Resources වලට ලොකු බලපෑමක් ඇති වෙන්නේ නැතුව Linux අත්හදා බලන්න පුළුවන් .

WSL1 එකේ ඇත්ත Linux කර්නලය වෙනුවට තිබුනේ Microsoft සමාගම නිපදවූ linux compatible kernel interface එකක් . සැබෑ කර්නලය නැති නිසා මේකේ සියලුම linux system call සදහා සහය දැක්වුවේ නෑ සහ එහි file access වේගය අඩු මට්ටමකයි පැවතුනේ  ඒව මෙහිදී මදිපාඩුවක් උනා. ඒවගේම මෙම ක්‍රමයට Users ලගේ ඉල්ලුමත් වැඩි උන නිසා WSL2 මගින් මේ සදහා සැබෑ linux කර්නලය බාවිතා කරන්න පටන් ගත්තා .

WSL 2 මගින් සැබෑ linux machine එකක වගේම අපේ වැඩ කරගන්න පුළුවන් . Software Development වැඩ පවා කරගැනීමේ හැකියාව තියනවා. පොඩි Hyper-V VM එකක් ඇතුලේ ධාවනය උනත් WSL1 හි තිබුන වාසි සියල්ල මේකෙත් තියනවා.   

අපි බලමු WSL2  අපේ Windows 10 පරිගණකයේ ස්ථාපිත කරගන්න ආකාරය .

මේ සදහා මම Microsoft Official Documentation එක බාවිත කලා .

මුලින්ම ඔබේ Windows 10 සංස්කරණය 1903 build 18362 හෝ ඉහල විය යුතුයි .මේ සදහා Settings > System > About වෙත යන්න .

ඔබේ OS version ගැලපෙනවා නම් admin විදියට powershell එකක 

dism.exe /online /enable-feature /featurename:Microsoft-Windows-Subsystem-Linux /all /norestart

type කර enter කරන්න .

ඉන්පස්සේ 

dism.exe /online /enable-feature /featurename:VirtualMachinePlatform /all /norestart

type කර  enter කල පසු පරිගණකය restart කරන්න 

ඉන් පසු  මෙම Linux kernal පැකේජය ස්ථාපිත කරගන්න 

ඉන්පසුවද පරිගණකය restart කරන්න 

නැවතත් admin විදියට powershell window එකක 

wsl --set-default-version 2

යනුවෙන් type කර enter කිරීමෙන් default wsl version eka wsl 2 බවට පත් කරගන්න 

ඊටපස්සේ  Microsoft Store එකට ගිහින් ඒකෙ search bar එකේ linux කියල type කරලා අපිට කැමති Linux distro එකක් ස්ථාපිත කරගන්න පුළුවන්.



අපි මෙතනින් Ubuntu install කරගමු . මේක 400MB පමණ වෙන්නේ .මෙහිදී අපට හම්බෙන්නේ command line එක පමණයි . Graphical  UI නැහැ .අවශ්‍යනම් දාගන්න පුළුවන් නමුත් ගොඩක් වැඩ වලට GUI එක අත්‍යවශ්‍ය නැහැ .

Install උනාට පස්සේ start menu එක මගින් ගිහින් අපිට පුළුවන් මේ ubuntu එක ස්ටාර්ට් කරගන්න . මුලින්ම username එකක් සහ password එකක් ලබාදෙන්න ඕනේ  ඒක ඔබේ Windows OS එකේ එක විය යුතු නැහැ . ඔබට කැමති එකක් දෙන්න .password එක හොදින් මතක තියාගන්න .


ඔබට ඕනෙම වෙලාවක start menu එකෙන්  මෙම app එක right click කර app info ගොස් reset කර නැවත මුල් තත්වයට ගන්න පුළුවන් , එවිට username password සියල්ල මැකී යනවා . 

Command Prompt එකක wsl --list --verbose යනුවෙන් type කර දැන් ඔබේ ස්ථාපිතව ඇති distro සියල්ල සහ WSL version බලාගන්න පුළුවන් .


පහත දේවල් ඔබ linux වලට නවකයෙක් නම් වැදගත් වේවි ...

සාමාන්‍ය command prompt එකක bash ලෙස type කර enter කිරීමෙන් හෝ ubuntu app එක open කරගැනීමෙන් අපේ ubuntu distro එකට පිවිසෙන්න හැකියාව තියනවා.

 


මෙම bash වින්ඩෝවේ ඔබට ඕනෑම linux command එකක් බාවිත කිරීමේ හැකියාව පවතිනවා.

uname -a මගින් එහි kernel version විස්තර ලබා ගත හැකියි . 

sudo යනු superuser do යන්නයි.මේක  ව්න්ඩෝස් පරිගණකයක Run as administrator විධානය හා සමාන විධානයක්. sudo ලෙස රන් කරනු ලබන සියලු විධාන වලට මේ linux පද්ධතිය ඇතුලත user කෙනෙකුට ලබාගත හැකි ඉහලම බලතල ලැබෙනවා එම නිසා එය බාවිත කිරීමේදී සැලකිලිමත්විය යුතුයි .එමෙන්ම ආරක්ෂක උපක්‍රමයක් ලෙස සැමවිටම sudo commands වලදී password එක ඉල්ලුම් කර සිටිනවා .

මේ installation එක යාවත්කාලින (update) කරගෙනම වැඩ පටන් ගන්න එක හොදයි , ඒ සදහා sudo apt update යන විධානය ලබා දෙන්න , එවිට password අසාවි එයත් ලබාදෙන්න .

ඉහත රුපයේ 1 package can be upgraded. Run 'apt list --upgradable' to see it. යනුවෙන් තිබෙනවා , අපිට එක package එකක් upgrade කරන්න පුළුවන් කියල කියනවා .උබුන්ටු වල පැකේජ කියන්නේ අපි සාමාන්‍ය වියවහාරයේ බාවිතා කරන මෘදුකාංගම තමා . මෙතනදී මොකක්ද මේ upgrade කරන්න පුළුවන් පැකේජය කියල බලන්න  apt list --upgradable යන විධානය ලබාදෙන්න .


මෙතන විදියට අපිට මෙහෙයුම් පද්ධතියේ security update එකක් තමා තියෙන්නේ .ඒක install කරන්න sudo apt upgrade විධානය ලබා දෙන්න.

උඩ රුපයේ පරිදි එම upgrade එක download කිරීම සදහා වැය වන දත්ත ප්‍රමාණය සහ අපේ දෘඩ තැටියේ යන ඉඩ ගැන සදහන් වෙනවා . මෙය අනුමත කිරීමට y ලබාදෙන්න .  

ඔබට මෙය 200MB පමණ විය හැකියි  

උබුන්ටු වල ඇති apt පැකේජ මැනේජරය මගින් අපිට official උබුන්ටු repo (මෘදුකාංග මුලාශ්‍රය ) හි ඇති ඕනෑම මෘදුකාංගයක් ස්ථාපිත කරගන්න පුළුවන් .

උදාහරණයක් විදියට අපි cowsay යන සරල මෘදුකාංගය ගමු , මෙයින් වෙන්නේ අපි දෙන ඕනෑම text input එකක් හරකෙක් කියන විදියට terminal වින්ඩෝවේ print වෙනවා .

මේ සදහා sudo apt install cowsay යන්න ඇතුලත් කරන්න .


එය බාවිත කිරීමට cowsay යනුවෙන් type කර ඔබට ඕනෙම දෙයක් type කල හැකියි


 

යම් පැකේජයක් ඉවත් කිරීමට sudo apt remove පැකේජයේ නම  ලෙස ඇතුලත් කරන්න 

cowsay ඉවත් කිරීමට sudo apt remove cowsay යන්න බාවිත කරන්න පුළුවන් .


මේ උබුන්ටු පද්ධතියේ ඇති ගොනු බලාගැනීමට Windows Explorer එකේ address බාර් එකේ \\wsl$ යනුවෙන් ඇතුලත් කරන්න . එවිට ඇති සියලු distro වල files බලාගැනීමට සහ වෙනස් කිරීමට හැකියි .



terminal එක තුල ගොනු හැසිරවීම සදහා පහත commands බාවිත කල හැකියි

dir හෝ ls = folder යේ අන්තර්ගතය ලැයිස්තු ගත කරන්න 

cd .. = පෙර folder යට පිවිසෙන්න 

cd / = මුල folder යට පිවිසෙන්න (root folder )

cd = folder යට ඇතුලත් වෙන්න

cd  ~ = අපගේ user folder ට පිවිසෙන්න 

clear මගින් අපට terminal වින්ඩෝවේ සියලු දේ මකා දැ මිය හැකියි 

පහත සබැදි මගින් තවත් commands පිළිබද අවබෝධය ලබා ගන්න ..... 

https://ubuntu.com/tutorials/command-line-for-beginners#1-overview

https://milq.github.io/useful-terminal-commands-ubuntu-debian/

https://maker.pro/linux/tutorial/basic-linux-commands-for-beginners


Comments

Popular posts from this blog

Climate Control with Arduino Nano for a Peugeot 406 !

Here's how I made an iPhone entirely from replacement parts

Daihatsu Charmant 1982 Re-Wiring