Battlefield 4 චීනේ සපුරා තහනම් ?? ! !




Battlefield Game මාලාවේ එකේ එකක් හරි ගහපු නැති කොල්ලෙක් දැන් ලංකාවේ හොයාගන්නත් අමාරුයි.කොහොමනමුත් EA එක මේ ලඟදි Battlefield 4 එලියට දැම්මා.එයාලගේ කලින් game එක ,ඒ කියන්නේ Battlefield 3 release වෙලා දැන් එකේ original copies මිලියන පහලවක් විකිණිලා ! ඊළඟ එක release කරනකොට ඔය ගාන පහු කරන්න තම එයාල හිතාගෙන ඉන්නේ ! කොහොම හරි ,චීනේ කියන්නේ ලෝකේ වැඩිම ජනගහනයක් ඉන රට කියල අපි හැමෝම දන්නවා නේ, ඉතින් මෙයාලගේ (EA ලගේ) game ගොඩක් සැලකියයුතු තරම්න් චීනේ විකිනෙනවා . ඉතින් ඔය රටේ ඕක තහනම් කරපුහම?????

Battlefield 4 ගහපු අය දන්නවා ඇති ඕකේ තියෙන්නේ ,කොටින්ම කිව්වොත් චීනෙට ගහන එකක් ! අපේ team එක චීනෙට ගිහින් එහෙ මාර යුද්දයක් කරන එක තමා game එක .
නමුත් එයාලා Battlefield 4 : CHINA RISING  කියල වෙනම චීන භාෂාවෙන්ම තව version එකක් ගැහුවා.
දැන් තහනම් කරලා තියෙන්නේ ඒක .
තාහනම් කියන්නේ , කොටින්ම Download තහනම් Proxy , VPN එහෙම දාල ජිල්මාට් කරන්න පුලුවන්ද කියල මම දන්නේ නෑ .කොහොමත් ඒ රටේ ඉදගෙන ගොඩක් Search Engines වල Battlefield 4 කියල Search කරාට results දෙන්නේ නෑ.තව Weibo.com කියන සමාජ ජාල වෙබ් අඩවියේ මේක ගැන පල කිරේම සපුරා තහනම් ! 

මේක තහනම් කරලා තියෙන්නේ චිනේ තුල රුසියාව සහ ඇමෙරිකාව යුද්දයක් කරන නිසා . අන්තිමේදී රුසියාවයි චීනෙයි යුද්දෙට set කරලා කතාව ඉවරවෙනවා.මේකට එහෙ සංස්කෘතික අමාත්‍යංශයෙන් කොහෙත්ම කැමති වෙලා නෑ !
මේකෙන් EA එකට ගොඩක් පාඩු වෙන්න ඇති , නමුත් නිල වශයෙන් එහෙම එකක් ගැන කියල නෑ !




පහල තියන ලින්ක් වලට ගිහින් තව විස්තර හොයාගන්න පුළුවන්.

http://www.zdnet.com/battlefield-4-banned-in-china-over-national-security-7000024651/
http://www.forbes.com/sites/insertcoin/2013/12/28/china-issues-blanket-battlefield-4-ban/
http://www.ign.com/articles/2013/12/27/battlefield-4-banned-in-china-over-controversial-dlc

ස්තුතියි ~! 

Comments

Post a Comment

Popular posts from this blog

Climate Control with Arduino Nano for a Peugeot 406 !

Here's how I made an iPhone entirely from replacement parts

Daihatsu Charmant 1982 Re-Wiring