Windows 7 වල Welcome Screen එක මාරු කරමුද?
ඔන්න මම අද Windows 7 වල Welcome Screen Pic එක මාරු කරගන්න හැටි කියන්නයි යන්නේ !
එක එක tool දාල PC එක කෙලවගන්නේ නැතුව මේක කරගන්න පුළුවන්..හැබැයි ටිකක් අමාරුයි!PC ගැන ටිකක් දන්නා කෙනෙකුට ලේසියෙන්ම කරන්න පුළුවන් !
ඉස්සෙල්ලම Start>Run>regedit කියල ගහල Registry Editor වින්ඩෝව ගන්න.....මෙකත් එක්ක වැඩ කරද්දී බලාගෙන.ඕනේ නැති ඒවා click කරන්න යන්න එපා.මොකද මේකෙන් තමා මුලු පරිගනකයම හසුරුවන්න CPU එකට උපදෙස් දෙන එක!දන්නේ නැතිනම් කරන්න යන්න එපා !
ඒක ඔපෙන් කරගත්තට පස්සේ මේ විදියට පිළිවෙලට Click කරගෙන යන්න.
Computer\HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Authentication\LogonUI\Background
Background එකට ගියාට පස්සේ OEMBackground කියන එක ඩබල් click කරලා 0 විදියට තියන එක 1 විදියට වෙනස් කරන්න.ඊට පස්සේ OK click කරලා ඒ Window එක Close කරන්න.
දැන් ඉතින් බාගෙට බගෙයක් හරි.!! :)
දැන් C:/Windows/System32/oobe කියන folder එකට යන්න.දැන් එකේ info කියල folder එකක් හදන්න.ඒක ඇතුලේ background කියල තවත් folder එකක් හදන්න.එකට ඔයා කැමති photo එක දාන්න පුළුවන්.හැබැයි 245KB වලට වඩා අඩු .jpg file එකක් වෙන්න ඕනේ..උදාහරණයක් පහල ලින්ක් එකෙන් ගන්න.මතක තියාගන්න හැම වෙලාවේම ඔය file එක backgroundDefault යනුවෙන් rename වී තියෙන්න ඕනේ.Resolution එක මොකක් දැම්මත් කමක් නෑ.
https://docs.google.com/file/d/0B7aP8hgoKfLmM3dJbUxadW9CcjQ/edit
නැත්නම් http://wallpaperswide.com/ එකෙන් ඕන ෆොටෝ එකක් දාගන්න පුළුවන්.

Comments
Post a Comment