දැන් ඉතින් Open Source වෙන්න කාලේ හරි.

දැන් තියෙන Closed Source (Windows) OS වල මිල ඉතාමත් ඉහළ ගිහින් තියෙන නිසා ලංකාවේ කට්ටිය බලන්නේ පේමන්ට් එකේ රුපියල් පනහට තියෙන හොර සොෆ්ට්වෙයාර් එකක් දාගනන්න එක.මේකෙන් වන්නේ තමන්ගේ පාස්ස්වර්ඩ්ස් ටික අනිත් අය අතට යන එක විතරක් නෙවේ,බැංකු ගිණුම් අංක හොරු ගන්න එක,වැදගත් දත්ත නැති වන එක,ඒ කොහොමද කිව්වොත් හොරට ගහන software වල ගොඩක් security ගැටළු තියන නිසා.දැන් Microsoft සමාගම genuine advantage pass නැති අයට windows update දෙන එක නවත්වලා තියෙන්නේ.ඒ නිසා මොන virus guard තිබ්බත් OS එකේ තිබෙන හිල් අතරින් හොරු පැනලා එනවා.

තමන්ට දැන් තියෙන සොෆ්ට්වෙයාර් වල මිල දරන්න බැරිනම් කරන්න තියෙන්නේ  Open Source සොෆ්ට්වෙයාර් පාවිච්චි කරන එක....[උදා:ubuntu,kubuntu,pearOS,debian...etc]
මේවා දාගත්තනම් කිසිම ගැටළුවක් නෑ.හැබැයි අපි windows එක්ක පාවිච්චි කරපු සමහර සොෆ්ට්වෙයාර් මේ එක්ක පාවිච්චි කරන්න බැරිවෙනවා....[උදා:Photoshop,MS Office]

නමුත් අපි සාමාන්‍යයෙන් භාවිත කරන සොෆ්ට්වෙයාර් වලට ගැලපෙන,ඒ ප්‍රයෝජනේ ගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් හදන එක ගැන ලෝකයේ අවධානය යොමුවී තිබෙනවා.....ubuntu සමග දෙන එවැනි සොෆ්ට්වෙයා ටිකක් පහත දැක්වෙනවා....
Microsoft Office = Open Office
Photoshop = GIMP
Picasa = Shotwell

Links to download open source softwares.....
Ubuntu - http://www.ubuntu.com/
Kubuntu - http://www.kubuntu.org/
Debian - http://www.debian.org/
Pear OS - http://pear-os-linux.fr/

Comments

Popular posts from this blog

Climate Control with Arduino Nano for a Peugeot 406 !

Here's how I made an iPhone entirely from replacement parts

Daihatsu Charmant 1982 Re-Wiring