Posts

Showing posts from August, 2021

FB 15 එකක රේඩියේටර් එක මාරු කරමු ....

Image
පරණ (1985-90ට  වගේ කලින්) වාහනවල cooling system එක හරිම සරල සහ ගොඩක් reliable විදියට ඩිසයින් කරපු දෙයක්. ඒවා run වෙනකොට යන උපරිම pressure එකත් psi 5-8 වගේ අගයක් ගන්නේ.ඒ වගේම විශේෂයෙන්ම ඒවගේ භාවිතා වෙන radiator එක තනිකරම ලෝහ වලින් තමා හදල තියෙන්නේ. තඹ / පිත්තල වගේ ලෝහයකින් . ඒ නිසා ඒවා කාලාන්තරයක් පාවිච්චි කරන්න පුළුවන් . ගොඩක් වාහන තාමත් original radiator එකෙන් දුවනවා කිසි ප්‍රශ්නයක් නැතුව.... අනික ඒවගේ පොඩි leak එකක් ආවොත් පාස්සල හදාගන්න පුළුවන්. නමුත් ගොඩක් කාලෙක ඉදන් වාහන වල එන්නේ plastic ටැංකි දෙකක් උඩින් උයි යටින් උයි ගහපු , ඇලුමිනියම් core එකක් ගහපු radiators .අනික pressure එකත් psi 10න් උඩ මොකද pressure එක වැඩි කරලා රේඩියේටර් එකේ core එකේ size එක අඩු කරන්න පුළුවන්. ඉතින් උදේ හවා heat cycle ගණනාවක් එක්ක මේ plastic ටැංකි වල crack එන්න පුළුවන් ඒ නිසා හෙමිට leak වෙන්නත් , පොඩි crack එක එකපාරට ලොකු වෙලා coolant ඔක්කොම එකවර අයින් වෙලා ලොකු case එකක් වෙන්නත් ඉඩ තියනවා. මේ වාහනයේ රේඩියෙටරයේ උඩ ප්ලාස්ටික් ටැංකිය සහ ඇලුමිනියම් ටැංකිය crimp වෙලා තියන තැනින් පොඩි ලීක් එකක් ආවා. මාසයක් ...