Posts

Showing posts from May, 2021

Daihatsu Charmant 1982 Re-Wiring

Image
කාර් එකක් මුලම ඉදල වයරින් කරපු හැටි ගැන තමා අද බ්ලොග් පෝස්ට් එක 😀 මේක Daihatsu Charmant එකක් . නිෂ්පාදිත වර්ෂය 1982. Brand New මෙහෙට ගෙනල්ල Register කරපු එකක් . Daihatsu කියන්නේ ටොයෝටා සමාගමටම අයත් සමාගමක් . එනිසා මේකේ තියෙන්නේ කව්රුත් දන්නා Toyota 4K 1.3 ලීටර් කාබරේටඩ් එන්ජිම සහ forward gear 4 ක් තියන මැනුවල් transmission එකක් .එන්ජිමයි ගියර් බොක්ස් එකයි ඉතා හොද තත්වයේ තිබුනත් fuse box , relay box සහ wiring harness එකේ ගොඩක් වයර් සහ connector වතුර ගිහින් මලකඩ කාලා තමයි තිබුනේ. Dashboard එකේ තියන ප්‍රධාන මීටර් ටික හැරුනම ඉතිරි indicators වැඩ කරන්නේ නැතුව තිබුනේ . එනිසා project එකක් විදියට මේකේ වයරින් එක සම්පුර්ණයෙන්ම මුල ඉදන් කරන්න හිතුවා . මේ වැඩේට automotive grade කැළණි වයර් මීටර 90ක් විතර ගියා . Fuse 4ක් තියන box දෙකක් සහ connectors, relays ගත්තේ internet එකෙන් . වයර් ගැන කතා කරොත් , කැළණි 28/0.30 (2 square mm)  වයර් තමා සම්පුර්ණයෙන්ම පාවිච්චි කලේ . එක වයර් එක්ක යන උපරිම ධාරාව 8A විදියට සලකලා තමයි circuit ටික design කලේ. මේ design එකට තමයි ගොඩක් කාලය ගත උනේ , සති දෙකක් වගේ ගිය...