Windows මත සිට Linux රස බලමු ! WSL2
Microsoft සමාගම 2016 දී Windows Subsystem for Linux (WSL) යනුවෙන් feature එකක් Windows 10 මෙහෙයුම් පද්ධතියට ලබා දුන්නා. එකෙන් අපිට Windows මත සිට Linux bash terminal එකක් බාවිත කිරීමට අවස්ථාව ලැබෙනවා . සරලවම මේකෙන් වෙන්නේ අපිට Windows වල සිටම Linux සදහා ලියන ලද මෘදුකාංග බාවිතා කිරීමට හැකි වීමයි. කෙනෙකුට Linux ඉගෙනගන්න ඔනෙනම් මේක ඉතා ප්‍රයෝජනවත් ක්‍රමයක් . Windows සමග dualboot හෝ VM එකක් මත Linux Distro එකක් දිවීම වෙනුවට මෙමගින් ඉතා පහසුවෙන් සහ පරිගණකයේ තියන Performance සහ Resources වලට ලොකු බලපෑමක් ඇති වෙන්නේ නැතුව Linux අත්හදා බලන්න පුළුවන් . WSL1 එකේ ඇත්ත Linux කර්නලය වෙනුවට තිබුනේ Microsoft සමාගම නිපදවූ linux compatible kernel interface එකක් . සැබෑ කර්නලය නැති නිසා මේකේ සියලුම linux system call සදහා සහය දැක්වුවේ නෑ සහ එහි file access වේගය අඩු මට්ටමකයි පැවතුනේ ඒව මෙහිදී මදිපාඩුවක් උනා. ඒවගේම මෙම ක්‍රමයට Users ලගේ ඉල්ලුමත් වැඩි උන නිසා WSL2 මගින් මේ සදහා සැබෑ linux කර්නලය බාවිතා කරන්න පටන් ගත්තා . WSL 2 මගින් සැබෑ linux machine එකක වගේම අපේ වැඩ...