Passwords රැකගන්නේ කොහොමද ?
අද කාලේ අපිට දිනපතා භාවිතා කරන Online Platforms සහ විවිධ Services වලට ලොග් වෙනකොට එන ලොකුම ගැටලුව තමා මුරපද (Passwords) .අපි services 5ක් 10ක් හෝ ඊට වැඩියෙන් භාවිත කරනකොට එක එක site එකට වෙන වෙන password දාන එක සහ ඒවා මතක තියාගෙන ඉන්න එක තමා ලොකුම ගැටලුව. සමහර විට පොතක වගේ මේවා ලියල තියන්නත් පුළුවන් ,ඒක එතරම් ආරක්ෂා සහිත නොවුනත් එකිනෙකට වෙනස් සේවා වලට තරමක් අමාරු සහ වෙනස් passwords දාල ආරක්ෂා සහිත තැනක තියන එක යම්තාක් දුරකට හොද පුරුද්දක් උනත් , සැමවිටම ඒවා බාවිත කරන්න බැරි වීම සහ ඒ ලියකිවිල්ල නැති උනොත් වගේ ලොකු ගැටළුවක් වෙනවා. ගොඩක් අය මේකට විසදුම විදියට කරන්නේ එක්කෝ ඔක්කොටම එකම password එක දාන එක හෝ log වෙන වෙලාවේදී password reset කරලා අලුත් එකක් දාන එක .එක පාරක් log උනාම අය ඒ services එකට ලොග් වෙන්නෙ මාස ගානකින් , එතකොට අර දාපු එක මොකක්ද කියල මතක නෑ ... ආපහු reset ! ඔය ක්‍රමයේ ලොකු ආරක්ෂාව සම්බන්ධ ගැටළු දෙකක් තියනවා .පලවෙනි එක තමයි ,අපි එක service එකකට බාවිත කරන password එක යම්කිසි පුද්ගලයෙක් හොයාගත්තොත් එයාට අපි ඒ ...